සහන සත්කාරය ජීවිතයට ත ර් ජනයක් ඇති රෝගින් හා පවුලේ සාමාජිකයන් රැකබලා ගැනිම සදහා වු වෛද්‍ය ක්ෂේත්රයේ ඇති විශේෂිත පැතිකඩ ලෙස හැදින්විය හැක.
අද ලෝකයේ පිළිකා, දරුණු වකුගඩු රෝග, දරුණු අක්මා රෝග, ඩිමෙන්ෂියාව වැනි ජීවිතයට තර්ජනයක් විය හැකි බෝනොවන රෝග ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී .ඔවුන්ගේ නිදන්ගත රෝගී තත්වයට දිගුකාලීන රැකවරණය අවශ්‍ය වේ. ඇස්තමේන්තු කර ඇති පරිදි මිලියන හැට එකක ජනතාවක් ගෝලීය වශයෙන් බරපතල සෞඛ්‍ය සම්බන්ධ දුක් වේදනා විදිති.
එවැනි ජීවිතයට ත ර් ජනයක් සහිත බරපතල රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු දුර්වල කායික හා මානසික තත්වයක සිටී. ඔහු තමා ගැන බලා ගැනිමට හැකි තත්වයක නැත.වෙනත් කෙනෙකුගේ රැකවරණය අවශ්‍ය වන අවස්ථා බොහෝය. එබැවින් තම ආදරණීයන් රැකබලා ගැනීම පවුලේ සාමාජිකයින්ට සිදුවීම නොවැළැක්විය හැකිය.මේ සදහා දියුණු රටවල විධිමත් රැකවරණය ලබාදෙන සංවිධාන ඇති නමුත් ලංකාව වැනි රටවල පවුලේ සාමාජිකයින් ශාරීරිකව, චිත්තවේගීව හා මුල්‍ය වශයෙන් ආතතියට පත්විම සාමාන්‍ය දෙයකි.
ඉහත කරුණු සියල්ල සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානය සහන සත්කාරය නිර්වචනය කර ඇත්තේ ජීවිත ත ර් ජනයක් සහිත රෝග සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙන රෝගීන් හා රැකබලා ගන්නන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල ජීවන තත්වය වැඩි දියුණු කරන ප්‍රවේශයක් ලෙසය. වේදනා ඇතුළු අනෙකුත් ශාරීරික, මනෝ සාමාජීය සහ අධ්‍යාත්මික ගැටළු වැළැක්විම, තක්සේරු කිරීම හා ප්‍රතිකාර කිරීම හරහා එය සිදු කරනු ලබයි.
සහන සත්කාරය සපයනු ලබන්නේ විශේෂිත කණ්ඩායමක් විසිනි.
ඒ සඳහා දියුණු රටවල සහන සත්කාරක විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන්, සමාජ සේවකයින්,පෝෂණවේදීන්,සහන සත්කාරක ස්වේච්ඡා සේවකයින් හා පූජකයින් ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ එය එතරම් දියුණු තත්වයක නැති නමුත් ඒ සදහා ප්‍රවේශයක් ගනිමින් සිටී.
සහන සත්කාරයේ මුලික ඉලක්කය වන්නේ සහන සත්කාරක කණ්ඩායම විසින් රෝගියා හා පවුලේ සාමාජිකයින් මුහුණ දිය හැකි කායික,මානසික,අධ්‍යාත්මික හා සාමාජීය ගැටළු මනාව සමාලෝචනය කර ජීවිත තර්ජනයක් සහිත රෝගවලින් පෙලෙන පුද්ගලයින්ගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම තුලින් ඔවුන්ගේ පවුල්වල රැක බලා ගන්නන්ට සහයෝගය දැක්විමයි.
රෝග ලක්ෂණ කළමණාකරණය
එවැනි රෝගීන්ගේ කායික වශයෙන් ශරීරයේ නොයෙක් පද්ධතිවල රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.ප්‍රධාන වශයෙන් ශාරීරික වේදනාව,මහන්සිය හෝ තෙහෙට්ටුව හුස්ම ගැනිමේ අපහසුව,කෑම අරුචිය,වමනය හෝ ඔක්කාරය, මල බද්ධය,නින්ද නොයාම ආදි නොයෙක් අපහසුතා වලින් පෙලේ. සහන සත්කාරක කණ්ඩායම් රෝග ලක්ෂණ සමනය කිරිම සදහා වෛද්‍ය මෙන්ම වෛද්‍ය නොවන ප්‍රතිකාර ක්‍රමවේදයන් ද භාවිතා කරයි.
එවැනි රෝගීන් තම රෝගී තත්වය දැනගත් මොහොතේ පටන්ම ඇතිවිය හැකි කාන්සාව මානසික පීඩනය හා පවුලේ අයට ඇතිවන චිත්ත වේගය මැනවින් විශ්ලේෂණය කරන අතර ඉන් මිදීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කර දෙනු ලබයි.
සහන සත්කාරක කණ්ඩායම රෝගී තත්වයෙන් පෙළෙන පුද්ගලයාට මෙන්ම ඔවුන් රැකබලා ගන්නා සමග කටයුතු කිරීම පහසුකරවීම සදහා අවශ්‍ය අනිකුත් සියලුම සේවා සපයන්නන් අතර ජාලයක් ගොඩ නැගීමට මැදිහත් වේ.
උදාහරණ ආ ර් තික අපහසුතා ඇති අය සදහා සමාජ සේවා ආයතන හදුන්වා දීම
සහන සත්කාරක සේවාව තුළින් රෝගියාගේ මරණය ඉක්මන් කිරිමක් හෝ ප්‍රමාද කිරීමක් සිදු නොකරන නමුත් ගුණාත්මක සහන සත්කාරක සේවය තුළින් රෝගියාගේ ආයු කාළය වැඩිවන බව දැනට තිබෙන සායනික පරීක්ෂණ මගින් තහවුරු කර ඇත.
රෝගියා ඔහුගේ ජිවිතයේ අවසන් අදියරට අවතීර්ණ වී ඇත්නම් රෝගියාට අත්වන මරණය සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස සිදුවීමට අවශ්‍ය වාතාවරණය සකස් කරනු ලැබේ.
සහන සත්කාරය රෝගියාගේ මරණයෙන් ඔබ්බට ද විකාශනය වන ක්‍රියාවලියකි. රෝගියාගේ මරණින් පසු ඇතිවන ශෝක කාළයේ දී එය සමනය කර ගැනිමට අවශ්‍ය උපදේශනය ලබා දිම සිදු කරනු ලබයි.