Who Provides the services

සහන සත්කාර සේවා  සපයන ආයතන

මහනුවර දිස්ත්‍රික්කය තුල
රාජ්‍ය ආයතන –
සහන සත්කාර ඒකකය,ජාතික රෝහල -මහනුවර
වේදනා සමන වෛද සායනය (PAIN MEDICINE UNIT)-ශික්ෂණ රෝහල , පේරාදෙණිය
ප්‍රාදේශිය රෝහල්
වෙනත් දිස්ත්‍රික්ක තුල
රාජ්‍ය ආයතන –
බොහෝ රජයේ ශික්ෂණ රෝහල් සහ දිස්ත්‍රික් මුලික රෝහල්
කරාපිටිය ශික්ෂණ රෝහල, සහන සත්කාර ඒකකය – ගිලන ගිමන්හල
පුද්ගලික ආයතන

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය රෝහල් මගින් ඔබට ලබා ගත හැකි සහන සත්කාරක සේවාවන්

ගෘහ පිවිසීම් හා ගෘහස්ථ සහන සත්කාරක සේවය

දැනට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය රෝහල් වෙත අනුයුක්ත කර ඇති මහජන සෞඛ්‍ය හෙද නිළධාරීන් හෝ සහන සත්කාරය සදහා පුහුණුවලත් හෙද නිළධාරීන් විසින් මෙම කාරණය සිදු කරනු ලබයි. අවශ්‍යය අවස්ථාවලදි වෛද්‍යවරුන්ද ඒ සදහා සහභාගි වෙයි. ඔවුන් ඔබගේ රෝගියාට උචිත පරිදි අවශ්‍ය උපදෙස් ක්‍රියාකාරකම්  සිදු කරනු ඇත.

රෝගියාගේ පෝෂණ ගැටළු අවම කිරිම සදහා උපදෙස් ලබා දෙයි.

හුස්ම ගැනීම පහසු කරවන ව්‍යායාම ඇතුළු සරල ව්‍යායාම පිළිබදව උපදෙස් ලබා දෙයි.

ඇද  වණ ඇතිවීම වළක්වා ගැනීම සදහා අවශ්‍ය උපදෙස් හා මේ වන විටත් ඇඳ වණ ඇතිවී ඇත්නම් ඒ සදහා අවශ්‍ය  ප්‍රතිකාර ලබා දීම සිදුකරයි.

නාසිකා ජටර (NG Tube) දැමීම, මාරු කිරීම, භාවිතය පිළිබඳ උපදෙස් හා පුහුණු කිරීම් සිදු කරනු ලබයි.

මුත්‍රා බට දැමීම, මාරු කිරීම හා පවත්වාගෙන යෑම සදහා උපදෙස් දෙයි.

කොලොස්ටොමි (Colostomy) සත්කාරය – මල පහ පිටවීම සිදු නොවන රෝගීන් සදහා එම කාර්යය සිදුකිරිමට සාදන ලද විවර පිළිබද ඔබව දැනුවත් කරයි.

වැඩි විස්තර සදහා ඔබගේ ලගම ඇති රෝහල විමසන්න.(එක් එක් ආයතනය සතු සම්පත් හා පහසුකම් අනුව ලබා දෙන සේවාවන් වෙනස් විය හැක.)

ස්වේච්ඡා ආයතනයගිලන ගිමන්හලදුරකතන අංකය
ශ්‍රී ලංකා පිළිකා සංගමය“ශාන්ත සෙවන” සහන සේවා ආයතනය, මහරගම011-2585879
011 -2840312
පිළිකා සරණ සංගමය“පිළිකා රැකවරණ පියස” කුරුන්දන්කුලම,අනුරාධපුරය
“සහන සත්කාර සේවා ආයතනය” මාතර
025-3243077
041-2226766
සත්‍ය සායි සමාජයසත්‍ය සායි සුවසෙවණ, හංවැල්ල036-2254902
Cancer Aid for North and East Sri Lanka(CANE)“කේන්” සහන සේවා ආයතනය, යාපනය021-2240258
Eastern cancer care Hospice (EASCCA)එරාවුර්, මඩකලපුවසහන සේවා ආයතනය, එරාවුර්, මඩකලපුව076 -0582248
සහන සත්කාර සේවා සංගමය“සහන සෙවන” සහන සත්කාර සේවා ආයතනය,අඹගහපුර,මහරගම077 -3355187