සහන සත්කාරය විවිධ සැකසුම් වලින් ලබා ගත හැකිය. සාමාන්‍යයෙන් සහන සත්කාරය ක්‍රියාත්මක වන්නේ රෝගියා ඇතුලත් කර ඇති රෝහලේ වන අතර ඊට අමතරව සායන වලදි බාහිර රෝගියෙක් ලෙස හෝ නිවසේදි ලබා ගත හැක.
ගෘහ ආශ්රිත සහන සත්කාරක සේවයේ පදනම වන්නේ රෝගින් ඔහුට සුපුරුදු පරිසරය තුළ ඔහුගේ සමීපතයින් හා සුරතලුන් සමග සිටින බැවින් ඔහුගේ මානසික පීඩනය අවම කිරිමට හේතු වේ.
ගෘහ ආශ්රිත සහන සත්කාරය රෝහල තුල හෝ ආයතනවලින් සපයනු ලබන සහන සත්කාරක සේවය හා සමාන වෙයි.නුතන ලෝකයේ ගෘහ ආශ්රිත සහන සත්කාරය, සහන සත්කාරයේ කොදු නාරටිය ලෙස සලකනු ලබයි.
ගෘහ ආශ්රිත සහන සත්කාරයේදී සියලුම කටයුතු සිදු කරනු ලබන්නේ ඔහුට සුපුරුදු නිවසේ දී තම හිතෛෂීන් සමගය. එය එම රෝගියාගේ මානසික පීඩනය අවම කිරීමටත් රෝගියාට සෑම අතින්ම පහසුවක් ඇතිකිරීමටත් හේතුවන කරුණකි.
පුද්ගලිකත්වය හා ස්වාධීනත්වය මැනවින් රැකෙන පරිදි රෝගියා රැක බලා ගැනිම සිදු කිරීමට හැකි වේ.
රෝගියාගේ අනන්‍යය අවශ්‍යතා හා මනාපයන් මැනවින් හදුනා ගැනිමට හැකි වන අතර ඒ අනුව ඉලක්ක සපුරා ගැනීම සදහා සැලසුම් සකස් කිරීම පහසු කරවයි.
රෝගියාගේ ජීවත් වන පරිසරය හා බැඳුනු ගැටලු අවබෝධ කර ගැනීමට පිටුවහලක් වෙයි.
රෝගියාගේ වේදනාව ඇතුළු කායික රෝග ලක්ෂණ සහ සාංකාව වැනි ගැටලු සදහා පිළියම් ලැබීම තුළින් නිතර නිතර රෝහල් ගත කිරීම අවශ්‍ය නොවන බැවින් රෝහල් ගත කිරම සදහා ගතවන කාලය ඒ් සදහා වැය වන වියදම අවම වීම ආර්ථික වාසි ගෙන දේ.
රෝගියාගේ පමණක් නොව රෝගියා රැක බලා ගන්නන්ගේ සෞඛ්‍ය තත්වය හා මානසික ආතතිය අඩුකිරීමට ද ගෘහස්ථ සහන සත්කාරය හේතු වෙයි.
රැක බලා ගන්නන් හට රැක බලා ගැනිමේ කාර්යය සිදු කරන අතරම ඔවුන්ගේ නියත වැඩ දිගටම කර ගැනීමට ඉඩපහසුකම් සැලසේ.
සහන සත්කාරක කණ්ඩායම් මගින් ඉගෙන ගැනීමට හා පුහුණුව ලබා ගැනිම තම සිතැඟි පරිදි සිදු කර ගැනීමට හැකි වේ.
අසල්වාසීන්ගේ සහ අනිකුත් ස්වේච්ඡා සංවිධාන වල සහය ලබා ගැනීම පහසු වීම තුළින් රෝගී සත්කාරය වැඩි දියුණු කර ගැනීමට හැකි වන අතර ඉන් රැක බලාගන්නාට ඇති වන පීඩනය අවම කර ගත හැකිය.
රෝගියාගේ අධ්‍යාත්මික සංකල්ප හා අවශ්‍යතාවයන් පහසුවෙන් ක්‍රියාවට නැංවිමට හා ඒ සදහා අවශ්‍ය අන් අයගේ සහයෝගය ලබා ගැනීම පහසු කරයි.
ගෘහ ආශ්රිත සහන සත්කාරය පවුලේ භාරකරුවන් අතර විශ්වාසනීයත්වය ගොඩනැගීමට උපකාරි වේ.
ඔබට සහන සත්කාරය ලබා ගැනීම සදහා ඔබගේ රෝගයට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයාගෙන් යොමු කිරීමක් අවශ්‍ය වේ.බොහෝ අවස්ථාවලදි ඔබගේ වෛද්‍යවරයා එම නිර්දේශය ලබා දෙනු ඇත. එය එසේ නොවේ නම් ඒ පිලිබඳව විමසා සිටින්න.සහන සත්කාරය පිළිබදව වැඩිපුර දැනගැනීමට ඔබ උනන්දු වන බව සදහන් කරන්න. එවිට ඔබ ප්‍රදේශයේ ඇති සම්පත් අනුව ඒ සදහා යොමු කරනු ඇත.